29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවැඩි මිලට මත්පෙති විකිණූ කතක් අල්ලයි

වැඩි මිලට මත්පෙති විකිණූ කතක් අල්ලයි

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත්පෙති අලෙවි කළ කාන්තාවක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාලු පාර, රත්මලානෙ ඖෂධහලක 42 හැවිරිදි වියේ පසු වන හිමිකාරියකි.

ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ඖෂධ හලේ තිබී මත් පෙති දහදහකට අධික ප්‍රමාණයක් හමු වූ බවයි පොලීසිය පවසන්නේ.

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීම හේතුවෙන් මත්ද්‍රව්‍යවල දැඩි හිඟයක් පැවතීම නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බොහෝ පිරිසක් මෙම ඖෂධහලට නිරතුරුවම පැමිණීම දැඩි සැකයක් උපදවන්නක් බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය උපාය දූතයන් දෙදෙනෙකු යොදවා ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කර තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී පෙති 10ක් අඩංගු කාඩ් පතක් රුපියල් 450කට විකිණීමට නියමිත වුවත් මෙම ඖෂධහලේ මත් ලෝලීන් වෙත එය රුපියල් 700ක් වැනි ඉතා අධික මිලකට අලෙවි කරන බවයි තහවුරු වී ඇත්තේ.

ඊට අමතරව වෛද්‍ය නිර්දේශ මත ලබාදිය යුතු එම ඖෂධ කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ලබාදෙන බවත් එහිදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව බැඳුම්කරයක් මත මුදා හැර තිබෙනවා.