― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසේදුම්කාරක ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුවක්

සේදුම්කාරක ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුවක්

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන විවිධ වර්ගයේ සේදුම්කාරක, විෂබීජ නාශක, ජල විකර්ෂක රෙදි ආදියෙහි ශරීරයේ හෝමෝනවලට දැඩි ලෙස හානි විය හැකි රසායනික ද්‍රව්‍ය තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කරන ලද පර්යේෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

මීට අමතරව ඇතැම් වැහි කබා සහ ඒ ආදියෙහිද මිනිස් හෝමෝනවල ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන රසායනික වර්ග අන්තර්ගත බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

මෙම රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් වකුගඩු පිළිකා, වෘෂණ පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග, ගර්භණීභාවය සම්බන්ධ අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇතිවන බවත් මෙම රසායනික ද්‍රව්‍ය රුධිරය හා මව්කිරි හරහා මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ වැඩි බවත් පර්යේෂකයෝ අවධාරණය කර සිටිනවා.

පොලිෆ්ලුරොඇල්කයිල්, මෙතිල්පැරබින්, පොපිල්පැරබින්, අයිසොප්‍රොපිල්පැරබින්, බියුටයිල්පැරබින්, අයිපෙන්ටයිල්පැරබින් ආදී විවිධ රසායනික ද්‍රව්‍ය මෙම පර්යේෂණවලදී හඳුනාගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

පර්යේෂකයින් පවසන්නේ විශේෂයෙන් පොලිෆ්ලුරොඇල්කයිල් ද්‍රව්‍ය ජලයේ දියවන බැවින් ඒවා ජලය හරහා මිනිසාගේ මෙන්ම ජලජ ජීවීන්ගේ සිරුරට ඇතුළුවන බවයි.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ ඉන්ටර්නැෂනල් පොලුයුටන්ට්ස් එලිමිනේෂන් නෙට්වර්ක් (IPEN) ආයතනය සමග එක්ව කරන ලද පර්යේෂණයේදී මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබී ද විශේෂත්වයක්.

ජල විකර්ෂක රෙදිවලින් සකස් කරන ලද ඒප්‍රන, වැහි කබා ආදී ඇදුම් සාම්පල හයක් චෙක් ජනරජයේ චාල්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පරිසර අධ්‍යයන අංශයට යොමු කිරීමෙන් පසු අනාවරණය වී ඇත්තේ පෆ්ලුරොඩකනොයික් ඇසිඩ් නැමැති රසායනිකය ඒප්‍රනයක නැනෝග්‍රෑමයට ග්‍රෑම් 2.7 ක් සහ වැහි කබාවක නැනෝග්‍රෑමයට ග්‍රෑම් 2.6 ක් යන මට්ටම්වලින් අන්තර්ගත බවයි.

විදෙස් රටවලින් මෙරටට රැගෙන එන රෙදිපිළිවල මෙම රසායනික වැඩිවශයෙන් අන්තර්ගතවන අතර, මෙම රෙදිපිළි රට තුළ වේගයෙන් සංසරණය වන බවද වාර්තා වනවා.

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන අත් සේදුම්කාරක, දත් බෙහෙත්, බොඩි වොෂ්, මුඛ සේදුම්කාරක, විෂබීජ පිසදමන ටිෂූ කඩදාසි ආදී සාම්පල 30 ක් දකුණු කොරියාවේ රසායනාගාරයක පරීක්ෂණාගාරයකට යොමුකර පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙතිල්පැරබින්, එතිල්පැරබින්, ප්‍රොපිල්පැරබින්, අයිසොප්‍රොපිල්පැරබින්, බියුටයිල්පැරබින්, පෙන්ටයිල්පැරබින්, ෆීනයිල්පැරබින්, බෙන්සයිල්පැරබින්, ට්‍රයික්ලෝසාන්, ට්‍රයික්ලොකාබන් යන රසායනික සංයෝග ඒවායෙහි අන්තර්ගත බවයි.

පරිසර යුක්ති කේන්ද්‍රයේ ව්‍යාපෘති සම්පාදන සහ කළමනාකරණ නිලධාරිනී චලනි රූබසිංහ මහත්මිය පවසන්නේ පැරබීන සහිත ආහාර, ඖෂධ සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතය මගින් සිරුරේ හෝමෝනවලට බලපෑම් ඇතිවන අතර පිළිකා, කලලයේ ගැටලු තත්ත්වයන්, ප්‍රජනන ගැටලු ආදියද ඇතිවන බවයි.