32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙරොයින් සමඟ 'අක්කා' අත්අඩංගුවට

හෙරොයින් සමඟ ‘අක්කා’ අත්අඩංගුවට

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 15ක් සමඟ ‘අක්කා’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ easy cash ක්‍රමයට කාන්තාවක් හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම – අංගමුව ප්‍රදේශයේ පදිංචි ඉරේශා කුමාරි යන කාන්තාවක් බවයි පොලීසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන අනුරාධපුර පොලිසිය පවසන්නේ දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටින ‘රැවුල් කුමාර හා ගලහා කුමාර’ යන අනවර්ථ නාමවලින් හඳුන්වනු ලබන M.G.මහින්ද කුමාර හා කොස්ගොඩ තාරකගේ සොහොයුරෙක් වන කොස්ගොඩ සුජීව යන ජාවාරම්කරුවන්ගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙරොයින් ජාවාරම මෙම කාන්තාව සිදු කරගෙන යන බවයි.

මෙම කාන්තාව හා බූස්ස බන්ධනාගාරයේ එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා අතර දුරකථන සංවාද සිදුවන බවද අනාවරණය කරගෙන තිබෙනවා.