― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅවසන් T20 තරඟයේ ජය ඇෆ්ගනිස්ථානයට

අවසන් T20 තරඟයේ ජය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 03කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ (21) සමත් වුණා.

ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තරග 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමි කරගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව ඔවුහු පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස් කළා.

පන්දුවට පහර දීමේදී රහුමනුල්ලාහ් ගුර්බාස් ලකුණු 70ක් ද, හස්රතුල්ලාහ් සසායි ලකුණු 45ක්, අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 31ක් ද රැස් කළ අතර
පන්දු යැවීමේ දී මතීෂ පතිරණ සහ අකිල ධනංජය අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකාව කණ්ඩායම තියුණු තරගයකින් පසු පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 206ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පිතිකරණයක යෙදුණු පැතුම් නිස්සංක ලකුණු 60ක් රැස් කළ නමුත් අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක් වීම නිසා ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

පැතුම්ගේ ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 65ක් රැස් කළ අතර මොහොමඩ් නබී කඩුලු 2ක් ද, ෆරීඩ්, නූර් සහ කයිස් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මේ අතර මෙම තරගයේ අවසන් පන්දු වාරයේ සිව් වැනි පන්දුව සම්බන්ධයෙන් තරග විනිසුරුවරයා විසින් ලබාදුන් තීන්දුව පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් තරගයේ වීරයා වූ අතර තරගාවලියේ වීරයා වූයේ වනිදු හසරංගයි.

මේ තරගාවලියේ නිමාවත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයක යෙදීමට නියමිත අතර මාර්තු 4 වැනිදා එහි පලමු විස්සයි විස්ස තරගය ආරම්භ වීමට නියමිතයි.