24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

අද (22) දිනයේදීද දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අගයක් ගනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ වයඹ පළාතේ හා ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය ඉතා ඉහළ අගයක් ගනු ඇති බවයි.

වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අධික උණුසුමෙන් ඇති විය හැකි විජලනයෙන් වැළකීම සඳහා වැඩිපුර ජලය පානය කරන ලෙසත් හැකි තාක් හිරු එළියට නිරාවරණය නොවී එදිනෙදා කටයුතු කරගන්නා ලෙසත්ය.