නැව් සමාගමක සේවයට ගිය ලාංකික තරුණයෙක් මුහුදට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ, අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 21 හැවිරිදි චිරාත් සඳරු නමැති තරුණයෙකි.
මොහු ජර්මනියේ නැව් සමාගමකට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සේවය සඳහා ගොස් ඇත්තේ ජනවාරි මස 2 වැනිදායි.
ඒ අනුව මොහු ස්පාඤ්ඤයේ ‘සෙන්ටුකා බේ’ නමැති නෞකාවට සේවය සඳහා එක්වී ඇති අතර පසුගිය 18 වැනිදා ඔහුගේ උඩුවර නිවසට පැමිණි අදාළ නැව් සමාගමේ මෙරට කළමනාකරුවන් දෙදෙනෙකු පවසා ඇත්තේ චිරාත් සඳරු මුහුදට වැටී ඇති බවයි.
ඔවුන් නිවැසියන්ට වඩිදුරටත් පවසා ඇත්තේ 17 වැනිදා රාත්‍රී 10ට පමණ ඔහු මුහුදට වැටී ඇති අතර නැවේ කපිතාන්වරයා ප්‍රමුඛ සේවකයින් ඒ බව දැනගෙන ඇත්තේ පැය හතරකට පමණ පසුව බවයි.
කෙසේනමුත් මෙම තරුණගේ දමාපියන් මේ පිළිබඳව කොටහේන පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
මියගිය බව කියන තරුණයාගේ පියා පවසන්නේ මෙවැන්නක්.
“පුතා නැවේ සිටියදී අතුරුදන්වීම අපිට සම්පූර්ණ සැකයක් පවතිනවා. සෙනසුරාදා පුතා නිවාඩු දවසක් කියල විවාහ වීමට බලාපොරොත්තු වෙන දියණියට SMS එකක් මගින් එවලා තියෙනවා මේ සිද්ධිය සම්පූර්ණ සැකයි. අපිට මේ වෙනකොට පස් ආකාරයෙන් මේ පිළිබඳව එක එක විස්තර දීලා තියෙන්නේ. මේ පිළිබඳව අදාළ ජර්මන් සමාගමෙන් සහ ජාත්‍යන්තර පොලිසියෙන් අපි ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙසයි.“
මිය යන විට සඳරු සංගීත විශාරද විභාගයද සමත්, දක්ෂ වයලින්, පියානෝ, බොක්ස් ගිටාර් වාදකයෙක් මෙන්ම ගීත ගායනයටද එක සේ දස්කම් දැක්වූ තරුණයෙක්.