― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපුද්ගලික ධනයෙන් පිළිකා වාට්ටුවක් හැදූ උතුම් මිනිසා

පුද්ගලික ධනයෙන් පිළිකා වාට්ටුවක් හැදූ උතුම් මිනිසා

බදුල්ල ශික්ෂණ රෝහලේ පිළිකා සායන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කර අද (22) නිල වශයෙන් විවෘත කර තිබෙනවා.

දානපති හිලරි විශ්වජිත් පෙරේරාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙහි ඉදිකිරීම් අවසන් කර ඇති අතර අද නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම සිදු කළා.

මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා ඔහු විසින් රුපියල් ලක්ෂ හත්සිය පනහක මුදලක් වැය කර තිබෙනවා.

2020 වර්ෂයේ රජය විසින් මෙම සය මහල් පිළිකා සායන ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළද රට තුළ ඇතිවූ ආර්ථික අපහසුතා මත 2022 වර්ෂයේ මෙහි ඉදිකිරීම් කටයුතු අතරමඟ නැවතුණා.

මේ පිළිබඳව අවධානය යොමු කළ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ මැදිහත්වීම මත ඔහුගේ හිතවතෙකු වන දානපති හිලරි විශ්වජිත් පෙරේරා විසින් මෙම ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කටයුතු අවසන් කරදීම සඳහා කැමැත්ත පල කළා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසු පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මස 12 වැනිදා එහි වැඩ කටයුතු නැවත ආරම්භ විය.