29 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබූස්සේ කළ හදිසි මෙහෙයුමෙන් සොයාගත් දේ

බූස්සේ කළ හදිසි මෙහෙයුමෙන් සොයාගත් දේ

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන හා උපාංග රැසක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (21) බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි මෙම උපකරණ සොයාගෙන ඇත්තේ.

මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහෝදරයා රැඳී සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිර මැදිරියෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාර යන අය රැඳී සිටින සිර මැදිරියෙනුයි මෙම උපාංග හමු වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් උපකරණ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරීවරයාගේ කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

අංක 53 සිර මැදිරියෙන් ජංගම දුරකථන 02ක්, ඩයලොග් සිම්පත් 01 ක්, දුරකථන අංක 280 කට අධික ප්‍රමාණයක් සදහන් කර ඇති කුඩා ප්‍රමාණයේ සටහන් පොතක්, විද්‍යුත් ලිපින සහිත කොළ කැබැල්ලක්, කළු පැහැති හැන්ඩ් ෆ්‍රී 01 ක්, අංක 97 සිර මැදිරියෙන් ජංගම දුරකථන 02ක් හා ඩේටා කේබල් 01ක් මෙලෙස අත්අඩංගුවට ගත් උපකරණ අතර වනවා.