31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමත්වෙන අමුතු උපකරණයක් මාවතගම පාසලකින් හමුවෙයි

මත්වෙන අමුතු උපකරණයක් මාවතගම පාසලකින් හමුවෙයි

මාවතගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු සතුව තිබී මත්වීම සඳහා භාවිත කරන නවතම වර්ගයේ උපකරණයක් සොයා ගැනීමට හැකිවූ බව මාවතගම පොලීසිය පවසනවා.

මාවතගම පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම හදිසි සෝදිසි මෙහෙයුමක ක්‍රියාත්මක කර ඇත්තේ.

පොලීසිය පැවසුවේ සුවඳ විලවුන් බෝතලයකට සමාන හැඩහුරුවකින් යුත් මෙම උපකරණය තුළ අඩංගු ද්‍රව්‍ය පානය කිරීමෙන් මත් ගතියක් ලැබෙන බව අත්අඩංගුවට ගත් සිසුන් ප්‍රකාශ කළ බවයි.

පාසල් සිසුන් දෙදෙනාගේ පොත් බෑග තුළ සඟවාගෙන තිබූ මෙම උපකරණ හමුවී තිබේ.

එම සිසුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනුව ඔවුන්ට ඒවා අලෙවි කළ බව කියන මාවතගම නගරයේ ව්‍යාපාරික ස්ථානයක් වටලා සිදු කළ පරීක්ෂාවකදී එහි තිබූ එවැනිම තවත් මත් උපකරණ තුනක්ද පොලීසියට හමුවී තිබෙනවා.

ඒ අනුව සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාව මත එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශයකින් ගෙන්වා ඇති මෙම මත් ද්‍රව්‍ය සහිත උපකරණය තුළ අඩංගු ද්‍රව්‍ය සිගරැට්ටුවකට සමාන ක්‍රියාකාරිත්වයකින් යුත් බවද එහි සිගරැට්වල අඩංගු නිකොටින් තිබෙන බව ආවරණ වල සඳහන්ව ඇති බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.