― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමල්වානේ නිවස ගැන ගත් අලුත්ම තීරණය

මල්වානේ නිවස ගැන ගත් අලුත්ම තීරණය

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුප්‍රකට, සුඛෝපභෝගී නිවස සහ අක්කර 15ක ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එය යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා ඊයේ (21) එම නිවස පිහිටි ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

හිමිකරුවෙකු නොමැති වීම හේතුවෙන් මෙම මල්වානේ නිවස අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබෙනවා.

විනාශයට පත්ව තිබෙන මෙම නිවස මේ රටේ ආන්දෝලනාත්මක නඩුවකට අදාල වු විෂය වස්තුවක් බව කිව යුතුයි. 2015 දී පමණ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේ දී මේ ඉඩම සම්බන්ධ ඔප්පුවල නම් සදහන් සියලු දෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය කිරීම නිසා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මේ ඉඩම රජයට පවරා ගනු ලැබුවා.

අපි ඒ අවස්ථාවේදී මේ නිවස ජාත්‍යන්තර වශයෙන් විනිසුරුවරුන් සදහා පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා කිරීම සදහා යෝජනා කළා. පසුගිය කාලයේ සිදු වු ආණ්ඩු මාරුවත් සමග එය සිදු වුයේ නැහැ. දැන් මේ නඩුවේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. මේ අක්කර 15 ක පමණ ඉඩම අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්වයට පත් කරනවා. අවාසනාවකට වගේ පසුගිය අරගලය සමයේ රජය සතුව තිබූ ගොඩනැගිලි පවා ගිනි තබා විනාශ කළා.”