23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentමහමඟ ඇති වූ ආරවුල මරණයෙන් කෙළවර වෙයි

මහමඟ ඇති වූ ආරවුල මරණයෙන් කෙළවර වෙයි

දෙහිවල, කඩවත පාර, පැරකුම් මාවත හැරෙන හන්දිය අසළදී මෝටර් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැව්සුවේ මෝටර් රථයක් පැදවූ පුද්ගලයා තිදරු පියෙකු වූ යතුරුපැදිකරුවෙකු හිතා මතා අනතුරට ලක් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පෙෂර් ඇවිනිව් හි පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්. අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුව, කටුබැද්ද පී. බී. අල්විස් පෙරේරා නැමැති 52 හැවිරිදි තිදරු පියෙකි.

කළුබෝවිල ශීක්ෂණ රෝහල ආසන්නයේදී මියගිය පුද්ගලයා පැදවූ යතුරුපැදිය මෝටර් රථයේ ගැටීමට යාමේදී දෙදෙනා අතර මහමඟදී ආරවුලක් හටගෙන ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මියගිය යතුරු පැදිකරු තම යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය කරමින් සිටියදී මෝටර් රථයේ රියදුරු විසින් ද වේගයෙන් මෝටර් රථය ඉදිරියට ධාවනය කිරීමේදී වංගුවක් සහිත ස්ථානයකදී මෝටර් රථයේ රෝදයක හුලං ගොස් තිබෙනවා.

ඒ සමඟම එහි වේගය අඩාල වීමත් සමගම රියදුරු නැවතත් මෝටර් රථය ඉතා වේගයෙන් හිතාමතා යතුරුපැදියේ පිටුපස හප්පා යතුරු පැදිකරු මෝටර් රථයට යට කර ඝාතනය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

අදාල මෝටර් රථයද මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.