23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමහියංගණයේ නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි

මහියංගණයේ නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි

මහියංගණය, කුකුලාපොල ප්‍රදේශයේ වනාන්තරයක් තුළ මහා පරිමාණයෙන් සිදුකරන ලද නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් ඊයේ (21) වටලා තිබෙනවා.

පොලීසිය පැවසුවේ එහි තිබූ ගෝඩා මිලිලීටර් තුන්ලක්ෂ හැටහය දහස් පන්සීයක් ගා ඒවා පෙරීමට ගන්නා උපකරණ කිහිපයක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි වේවත්ත, කුකුලාපොල පදිංචි පුද්ගලයෙකි.

සැකකරු විසින් කාලයක් තිස්සේ මෙම කැලෑව තුළ කසිප්පු පෙරා වෙනත් ප්‍රදේශවලට අලෙවි කරනු ලබන බවට මහියංගණය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතයි මෙම වැටලීඉම සිදු කර ඇත්තේ.

සැකකරු මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.