― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsයාපනයේ ධීවරයින්ගේ මාළු දැල් ඉරා දමලා

යාපනයේ ධීවරයින්ගේ මාළු දැල් ඉරා දමලා

වඩමාරච්චි වෙරළ තීරයේ තිබූ රුපියල් ලක්ෂ 30 කට අධික වටිනා දැල් ආම්පන්න විනාශ කොට ඇති බව යාපනයේ ධීවරයින් පවසනවා.

යාපනයේ ධීවරයින් චෝදනා කරන්නේ ඉන්දීය ධීවරයින් විසින් රහසිගතව යාපනය වඩමාරච්චි නැගෙනහිර වෙත්තිලකේණි මුහුදු තීරයට ඇතුළු වී තම දැල් ආම්පන්න විනාශ කොට පලා ගොස් ඇති බවයි.

වෙත්තිලකේනි මුහුදු සීමාවෙන් මසුන් ඇල්ලීමට ගිය ධීවර බොට්ටු 4 කට අයත් ධීවරයින්ගේ දැල් ආම්පන්න සියල්ලක්ම ඊයේ සහ අද (22) අලුයම් කාලයේදී ඉන්දීය ධීවරයින් විසින් කපා විනාශ කොට පලාගොස් ඇති බවයි ධීවරයින් පවසන්නේ.

යාපනය ධීවරයින්ගේ ධීවර යාත්‍රාවලට වඩා ප්‍රමාණයෙන් විශාල වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 20 ක් පමණ එකවර පැමිණ එහි සිටි ඉන්දීය ධීවරයින් 100 ක් පමණ එක්ව යාපනයේ ධීවරයින් බිය ගන්වා මෙලෙස දැල් ආම්පන්න ඉරා සහ කපමින් විනාශ කොට පලා ගිය බවයි ඔවුන් පවසන්නේ.

දැල් ආම්පන්න සියල්ලක්ම විනාශ වීම හේතුවෙන් අදාළ ධීවරයින් සිය ධීවර කටයුතු සිදුකර ගැනීමට නොහැකිව දැඩි ලෙස අසරණව සිටින බවයි යාපනයේ ධීවර සංගම් පෙන්වා දෙන්නේ.

උතුරේ ධීවරයින්ට මෙලෙස සිදුව ඇති හානිය පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බවටත් බලපෑමට ලක්වූ ධීවරයින් හට වන්දි මුදලක් හෝ දැල් ආම්පන්න මිලදී ගැනීමට ආධාරයක් හෝ ලබාදීමට ධීවර අමාත්‍යංශය පියවර ගත යුතු බවයි උතුරේ ධීවර සංගම් පවසන්නේ.