ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා සිදු කළ යුක්තියේ මෙහෙයුමෙන් අපරාධකරුවන් 697 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 559 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138 ක් සමගින් මුළු සැකකරුවන් 697 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 559 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 06 ක්, පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 01 ක් සහ රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 03 ක් සිටිනවා.
එසේම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 138 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 12 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 106 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 15 ක් හා ඇඟිලි සලකුණු ඔස්සේ සැකකරුවන් 05 දෙනෙක් අණාවරණය වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 170 යි මිලිග්‍රෑම් 224ක්, අයිස් ග්‍රෑම් 113යි මිලිග්‍රෑම් 351ක්, ගංජා
ග්‍රෑම් 814 යි මිලිග්‍රෑම් 21ක්, මාවා ග්‍රෑම් 55ක්, තූල් ග්‍රෑම් 65ක්, මදන මෝදක ග්‍රෑම් 432ක්, ඈෂ් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 522ක්, මත්පෙති 137ක් හා ගංජා පැළ 26,186ක් සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.