28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීෂෙල්ස් මුහුදේ මසුන් ඇල්ලූ ලාංකිකයාට ඩොලර් 41,000 ක දඩයක්

සීෂෙල්ස් මුහුදේ මසුන් ඇල්ලූ ලාංකිකයාට ඩොලර් 41,000 ක දඩයක්

නීතිවිරෝධී ලෙස සීෂෙල්ස් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ බව කියන ශ්‍රී ලාංකිකයෙකුට සීෂෙල්ස් මහාධිකරණය විසින් ඇමරිකානු ඩොලර් 41,000 ක දඩයක් නියම කර තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් 24 වැනිදා සීෂෙල්ස් හි සුවිශේෂී ආර්ථික කලාපයට (EEZ) අනවසරයෙන් ඇතුළු වූ රන් කුරුල්ලා 4 යාත්‍රාව සමඟ මාකවිට ලියනගේ දිලේෂ් නැමැති පුද්ගලයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරු වරද පිළිගැනීමෙන් අනතුරුවයි මෙම දඩය ඔහුට නියම කර ඇත්තේ.

අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ විත්තිකරු දෙදරු පියෙකු බවත් ඔහුගේ ආදායමෙන් මුළු පවුලම යැපී ඇති බවත්ය.

කෙසේනමුත් විත්තිකරු එරට අධිකරණය හමුවේ පවසා ඇත්තේ තමා ඇල්ලූ මාළු සීෂෙල්ස් ධීවර අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන සීෂෙල්ස් රුපියල් (SCR) 35,320 කට අලෙවි කළ බවයි.

ඒ අනුව එරට අධිකරණය විසින් මෙම ශ්‍රී ලාංකිකයාට නියෝග කර ඇත්තේ අදාළ දඩ මුදල දින 60ක් ඇතුළත ගෙවිය යුතු බවත්, එම දින තුළ දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස 18ක සිර දඬුවම් නියම කරන බවත්ය.