29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහරක් කටා ගැන අධිකරණ නියෝගයක්

හරක් කටා ගැන අධිකරණ නියෝගයක්

හරක් කටා දැනට රඳවාගෙන සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු බවට නිකුත් කර තිබූ නියෝගය මාර්තු මස 28 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා මේ වනවිට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිනවා.

හරක් කටාගේ පියා විසින් ගොනු කළ පෙත්සමක් අද අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.

මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 15 වැනිදාට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ අධිකරණය මාර්තු මස 28 වැනිදා පෙත්සම් විභාගය සිදු කරන බවත් නියෝග කළා.

මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටින හරක් කටාගේ රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ පියා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.