― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත් භූමිකාවක් ඉටු කරන බවත් රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නැංවිය හැකි බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ ඇතැම් පාර්ශ්ව රාත්‍රී ආර්ථිකය සම්බන්ධව විවිධ චෝදනා එල්ල කළද ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත් භූමිකාවක් ඉටු කරන බවයි.

රාත්‍රී කාලයේ විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම් රටක ආර්ථිකය ඉහළ නංවා ගැනීමට සැලකිය යුතු භූමිකාවක් ඉටු කරනවා. රාත්‍රී කාලයේ දී සංචාරකයන් වෙනුවෙන් විනෝදාස්වාද ක්‍රියාකාරකම් මෙන්ම අවන්හල් විවෘතව තැබීම ඇතුළු රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70% කින් පමණ ඉහළ නංවා ගැනීමට හැකියාව තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකයේ දායකත්වය ලබා ගන්නවා.

විදේශීය සංචාරකයන් පමණක් නොවෙයි, අපේ රටේ ජනතාවද සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී අවන්හල් වෙත ගොස් ආහාර පාන ගැනීම ඇතුළු විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම්වල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වනවා. එමඟින් විශේෂයෙන් සුරාබදු ආදායම් පවා වැඩිකර ගැනීමට රජයට අවස්ථාව හිමිවෙනවා. රටක් ඉදිරියට ගෙන යාමට මෙන්ම රටේ සංවර්ධනය තිරසරව පවත්වා ගැනීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍යයි.