26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරාධපුරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

අනුරාධපුරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

යුක්තියේ මෙහෙයුමට සමගාමීව විශේෂිත වූ මෙහෙයුමක් අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් අද (23) උදෑසන පැවැත්වුණා.

අදට යෙදී ඇති පොහොය නිමිත්තෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයන් කොටු කර ගැනීම සඳහායි මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ.

අනුරාධපුර පොලීසියේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 250 කට වැඩි නිලධාරීන් සංඛ්‍යාවක් මෙම මෙහෙයුම සඳහා එක් වී තිබෙනවා.

එහිදී මත්කුඩු, ගංජා, නීති විරෝධී මත්පැන් ළඟ තබා ගත් පුද්ගලයන් 55 දෙනෙක්, වරෙන්තු කරුවන් 21ක්, බීමත් රියදුරන් 04 ක් ඇතුළු සැකකරුවන් 83 න් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් භාණ්ඩ හා සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.