27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩයිනමයිට් කරල් සමඟ සැකකරුවෙක් අල්ලයි

ඩයිනමයිට් කරල් සමඟ සැකකරුවෙක් අල්ලයි

මන්නාරම, පල්ලේමුනෙයි ප්‍රදේශයේදී ප්‍රවාහනය කරමින් තිබූ ඩයිනමයිට් කරල් 650 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ මන්නාරම, පල්ලේමුනෙයි ප්‍රදේශයේ සිදුකරන ලද ඒ්කාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම ඩයිනමයිට් කරල් තොගය සොයාගත් බවයි.

එහිදී ගමන් මල්ලක සඟවා මෙම ඩයිනමයිට් කරල් තොගය වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට උත්සහ ගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගැඹුරු මුහුදේ පිපිරීම් සිදුකොට මසුන් මැරීම සඳහා ධීවරයින් මෙලෙස මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන එන්නට ඇති බවට පොලීසිය සැක පළ කරන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම, මුන්දල් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු වන අතර ඔහු මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.