27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentත්‍රිරෝද රියේ රෝදය ගැලවී කාන්තාවක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රියේ රෝදය ගැලවී කාන්තාවක් ජීවිතක්ෂයට

කහටගස්දිගිලියේ ඊයේ (22) පස්වරුවේ සිදු වූ ත්‍රිරෝද රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කහටගස්දිගිලිය පොලිස් වසමේ, රත්මල්ගහවැව මාර්ගයේ කිලෝමීටර් 07 කණුවත් 08 කණුවත් අතර ප්‍රදේශයේදී ත්‍රීවිල් රථයක් අනතුරට ලක්ව ඇති බවයි.

මියගිය කාන්තාව පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා ත්‍රිරෝද රථයෙන් කහටගස්දිගිලිය නගරයට පැමිණෙමින් සිටියදී ත්‍රිරෝද රථයේ ඉදිරි රෝදය ගැලවී යාමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ කාන්තාව කහටගස්දිගිලිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ රත්මල්ගහවැව ප්‍රාදේශිය රෝහලේ සේවයේ නියුතු පාලිප්පතාන, රත්මල්ගහවැව පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.

මෘත ශරීරය කහටගස්දිගිලිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.