26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිස්ත්‍රික්ක 08කට අධික උණුසුම් කාලගුණයක්

දිස්ත්‍රික්ක 08කට අධික උණුසුම් කාලගුණයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අධික උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක අටක උණුසුම් දර්ශකය ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අගයක පවතින බවයි දැක්වෙන්නේ.

වෛද්‍යවරුන් පවසන්නේ අධික හිරු එළියට නිරාවරණය නොවී සිටින ලෙසත් කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත්ය.

එමෙන්ම අධික මහන්සියක් ඇතිවන ක්‍රියාකාරකම්වල හැකි තාක සවස් වරුවේ හා රාත්‍රී කාලයේ නියැළෙන ලෙසත් වැඩිපුර ජලය පානය කර ලෙසත් වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා.