29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පැන් සාදය මරණයකින් කෙළවර වෙයි

මත්පැන් සාදය මරණයකින් කෙළවර වෙයි

මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයෙක් මියයාමේ පුවතක් ඉහළ යාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ ඉඹුල්ගොඩ, ඉහළ යාගොඩ, පැරකුම් මාවතේ ව්‍යාපාරික ස්ථානයක පහත මාලයේ පුද්ගලයින් සිවුදෙනෙකු මත්පැන් පානය කරමින් සිටින අතරතුර ඇති වූ ආරවුලකින් මෙම ඝාතනය සිදු වී ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉහළ යාගොඩ, පැරකුම් මාවතේ පදිංචි ඩෙන්සිල් සෝමසිරි නැමැති 62 හැවිරිදි පස්දරු පියෙකි.

අප වාර්තාකරු පැවසුවේ මරණකරුගේ හිසේ සහ නළලේ ලේ පැල්ලම් දක්නට ලැබුණු බවයි.

මෙම ඝාතනය සිදුවන අවස්ථාවේදීඉ ඔහු සමඟ මත්පැන් පානය කළ අනෙක් තිදෙනා සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.