27.8 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමදනමෝදක තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

මදනමෝදක තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර ගංජා මිශ්‍ර මදනමෝදක තොගයක් අලෙවියට සූදානමින් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක තරුණයෙක්.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (22) හිඟුරක්ගොඩ, දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කර ගංජා මිශ්‍ර මදන මෝදක පැකට් 671 ක් සමඟ 25 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.