31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ සජබෙ සමඟ එක්වෙයි

මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ සජබෙ සමඟ එක්වෙයි

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළකරන බව දන්වා සිටියා.

සමගි ජන බලවේගයට එක් වූ ඔහු ‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

දශක තුනක යුද්ධය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන් විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට පෙර යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු රැසක කටයුතු කළා.