27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් තවත් 697ක් අත්අඩංගුවට

යුක්තියෙන් තවත් 697ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ යුක්තියේ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 559 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138 ක් සමගින් මුළු සැකකරුවන් 697 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 559 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 06 ක්, පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවෙක් සහ රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 03 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 138 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 12 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 106 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 15 දෙනෙක් හා ඇඟිලි සළකුණු ඔස්සේ අණාවරණය වූ සැකකරුවන් 05 ක්ද ඒ අතර සිටින බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 170 යි මිලිග්‍රෑම් 224ක්, අයිස් ග්‍රෑම් 113 යි මිලිග්‍රෑම් 351ක්, ගංජා ග්‍රෑම් 814 යි මිලිග්‍රෑම් 21ක්, මාවා ග්‍රෑම් 55ක්, තූල් ග්‍රෑම් 65ක්,
මදන මෝදක ග්‍රෑම් 432ක්, ඈෂ් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 522ක්, මත්පෙති 137ක් හා ගංජා පැළ 26,186 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.