23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවනිඳුට එරෙහිව විනිසුරු හැනිබල්ගෙන් පැමිණිල්ලක්

වනිඳුට එරෙහිව විනිසුරු හැනිබල්ගෙන් පැමිණිල්ලක්

පසුගිය 21 වැනිදා පැවති අවසන් පන්දුවාර විස්සයි විස්ස
තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේ දී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වුණා.

පිටියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා ලබාදුන් දුර්වල තීරණයක් එම සිද්ධියට හේතු වුණා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ අවසන් පන්දුවාරයේ යැවූ සිව්වන පන්දුව පිතිකරුගේ ඉනට ඉහළින් යොමු වූ අතර පිතිකරුවා එය නිපන්දුවක් ලෙස සටහන් කරන ලෙස ඉල්ලීමක් කළත් විනිසුරු ලින්ඩන් හැනිබල් එය නිපන්දුවක් ලෙස සටහන් කළේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයෙන් පරාජය වීමට විනිසුරුවරයාගේ මෙම දුර්වල තීරණය හේතු වූ බවයි බොහෝ පිරිසක් මත පළකර සිටියේ.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව පිටිය මැද දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග ලින්ඩන් හැනිබල් විනිසුරුවරයාට දෝෂාරෝපණය කරන ආකාරය ද දැකගත හැකි වුණා.

මේ අතර වනිඳුගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා එම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බ්රෝඩ් හට පැමිණිලි කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.