27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentවෑන් - ටිපර් අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

වෑන් – ටිපර් අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ 144 කණුව ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම රිය අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් පස්දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

හබරණ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ වෑන් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් ඊයේ (22) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා.

වෑන් රථයේ ගමන්ගත් පස්දෙනෙක් සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් අනතුරුවයි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මියගිය කාන්තාව කින්නියා ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක් බවයි අනාවරණය වී ඇත්තේ.