― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසඳ මතට සාර්ථකව යානයක් ගොඩ බස්වයි

සඳ මතට සාර්ථකව යානයක් ගොඩ බස්වයි

නාසා ආයතනය පෞද්ගලික සමාගමක් හා එක්ව සාර්ථකව සඳ මත අභ්‍යවකාශ යානයක් ගොසබස්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ පළමු පුද්ගලික සමාගම බවට ඇමරිකා එක්සත් ජනපද සමාගමක් වන ඉන්ටුඅටිව් මැෂින්ස් (Intuitive Machines) ඉතිහාසයට එක් වූ බවයි.

ඔඩිසියස් (Odysseus) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම අභ්‍යවකාශ යානය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට සාර්ථකව ගොඩබස්වා තිබෙනවා.

අභ්‍යවකාශ යානය පසුගිය බ්‍රහස්පතින්දා ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් තුඩුවෙන් පිටත් වීමෙන් පසු පෘථිවියේ සිට කිලෝමීටර් 384,400ක් සඳ වෙත ගමන් කර තිබෙනවා.

සඳ මතුපිට අධ්‍යයනය කිරීමට සහ රේඩියෝ තරංග මැනීමට උපකාර වන විද්‍යාත්මක උපකරණ හයක් යානයේ රැගෙන යාමට නාසා ආයතනය විසින් ඉන්ටුඅටිව් මැෂින්ස් සමඟ ගිවිසුම්ගත වී තිබුණා.

හූස්ටන් නුවර ස්ථාපිත සමාගම එළඹෙන මාර්තු මාසයේ දී තවත් අභ්‍යවකාශ යානයක් යැවීමට බලාපොරොත්තු වන අතර එය සඳෙහි භූගත අයිස් සොයා ගැනීමට කටයුතු කරනු ඇති.

ඔඩිසියස් යානය විසින් ඇමරිකා එක්සත් ජනපද චිත්‍ර ශිල්පී ජෙෆ් කූන්ස් විසින් නිර්මාණය ලද කුඩා මූර්ති 125ක් ද රැගෙන යන අතර ඒවා සඳ මතුපිටට ගොඩබසින පළමු කලා කෘති බවට පත් වනවා.