30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsස්පාඤ්ඤයේ නිවාස සංකීර්ණයක ගින්නක්

ස්පාඤ්ඤයේ නිවාස සංකීර්ණයක ගින්නක්

ස්පාඤ්ඤයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්පාඤ්ඤයේ වැලෙන්සියා හි මහල් නිවාස සංකීර්ණයේ මෙම ගින්න හටගෙන ඇති බවයි.

මෙම ගින්නෙන් ගිනි නිවන භටයින් 06 දෙනෙකු සහ කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගින්න හටගත් මහල් නිවාස සංකීර්ණය නිවාස 138කින් සමන්විත වන අතර එහි නිවැසියන් 450ක් වාසය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගින්න ආරම්භ වී කෙටි කාලයකට පසු එය ගොඩනැඟිල්ල පුරාවටම සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.

ස්පාඤ්ඤ පොලීසිය සැක පළ කරන්නේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා භාවිතා කරන ලද ද්‍රව්‍ය ගින්න පැතිරීමට හේතු වී ඇති බවයි.

ඊයේ පස්වරුවේ හටගත් මෙම ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.