27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News138 බස් හිමිකරුවන් පොහොය දා කරගත් උතුම් පිංකම

138 බස් හිමිකරුවන් පොහොය දා කරගත් උතුම් පිංකම

නවම් පොහොය නිමිත්තෙන් හෝමාගම – පිටකොටුව 138 පෞද්ගලික බස් රථ හිමියන් සහ එහි සේවකයින් එක්ව බැතිමතුන් 600 දෙනෙකු අනුරාධපුර පූජා භූමිය වන්දනාමාන කිරීම සඳහා රැගෙන යාමට කටයුතු කර තිබුණා.

හෝමාගම – පිටකොටුව පෞද්ගලික බස් රථ හිමියන් සහ එහි සේවකයින් එක්ව මෙම පිංකම සංවිධාන කර තිබුණා.

ඒ අනුව බස් රථ 10ක් යොදා ගනිමින් බැතිමතුන් 600 දෙනෙකු අද අළුයම මෙලෙස අනුරාධපුර පූජා නගරය වන්දනාමාන කිරීමට රැගෙන ගොස් තිබුණේ බැතිමතුන්ගෙන් කිසිදු මුදලක් අය නොකරමින් වීම විශේෂත්වයක්.

ඔවුන් අද දිනය පුරා අනුරාධපුර පූජා භූමියේ රැදී සිටිමින් අටවිසි බෝධි පූජා පින්කම් ඇතුළු පිංකම් මාලාවක් සිදු කිරීමට නියමිතයි.