― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත් වී ඇති බවත් දුප්පත්කමට රටේ වත්මන් පාලකයන් හරිහමන් විසදුමක් ලබා නොදුන්නත් සමගි ජන බලවේග රජයක් තුළ රටේම දුප්පත්කම තුරන් කිරීමට නව වැඩසටහනක් දියත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) කඩවත මහර පැවැති ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි.

සමගි ජන බලවේග රජයක් යටතේ පරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරිම හා නිෂ්පාදනය සඳහා දිරිය ශක්තිය ලබා දෙමින් දුගී දුප්පත්කම තුරන් කිරීමේ ජාතික වැඩසටහනක් දැනටමත් සකස් කරමින් යන බවත් එය නුදුරු දිනකදී එළිදක්වන බවත් ඒ වැඩසටහනට අනුව කාගේවත් වහලෙක්, අතකොලුවෙක්, ආඥාදායකත්වයකට යටත් නොවී ස්වෝත්සාහයෙන් දෙපයින් නැගී සිටිය හැකි ජන කොට්ඨාසයක් බවට රටේ ජනතාව පත් කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

එසේම සමගි ජන බලවේගය තුළ දිනන අය මෙන්ම පසුබෑමට ලක්වන අය මෙන්ම බිම් මට්ටමේ නායකයන්, සංවිධායකවරුන් හා පොදුජනතාව රටේ සංවර්ධන ක්‍රියාවලියේ පෙරමගකරුවන් බවට පත් කරන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ තමාට අගමැති, ජනාධිපතිකම් බාර ගැනීමට හැකියාව තිබුණත් එය සිදු නොකලේ හොරු සමඟ තමාට ඩීල් නැති නිසා බවයි.

තමා ජනාධිපති වූවා නම් බෙහෙත් වංචා කළ කෙහෙළියට පක්ෂව ඡන්දය ලබා දෙන්න සිදු වෙන බවත් තමා කිසිදු අයකුට බය නොවන බවත් තමා කිසිදු දිනක රාජපක්ෂලාට එහෙයි ස්වාමීනි නොකිවූ බවත් ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ දොරටු පාලකයෝ නොවන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

තමා පාර්ලිමේන්තුවේ කතා කරනවා වැඩියි කියා සමහර කුහක පිරිස් චෝදනා කරන බවත් තමා එසේ කතා කරන නිසා ජනතාව පීඩාවට පත් කරන රාජ්‍ය නිලධාරීන් ගැන පවා අනාවරණය කරන බවත් පසුගිය දා වතු ජනතාවට සහ පාසල් ළමුන්ට අපහාස කරමින් කතාවක් සිදු කළ විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ගැන පවා තමා පාර්ලිමේන්තුවේ කතා කළ නිසා ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකි වූ බවත් තමා ප්‍රශ්න අහන්නේ පොදු ජනතාව සහ රටේ පොඩි මිනිසා වෙනුවෙන් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.