26.1 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදොඹගහගොඩ නිවසකින් මළ සිරුරක් හමුවෙයි

දොඹගහගොඩ නිවසකින් මළ සිරුරක් හමුවෙයි

පානදුර, දොඹගහ ගොඩ ප්‍රදේශයේ නිවසක තිබී දින දෙකකට පමණ පෙර මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගිය 65 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ මෙම නිවසේ සිට ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

අදාළ නිවසින් දුගඳක් හමන බවට ප්‍රදේශවාසීන් විසින් පානදුර දකුණ පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුවයි පොලිස් නිලධාරීන් පැමිණ මෙම නිවස පරික්ෂා කර ඇත්තේ.

එහිදී නිදන කාමරයේ ඇඳ මත තිබී මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙම මරණය කෙසේ සිදුවූවක් ද යන්න පිළිබඳව පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ පානදුර දකුණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ කිසියම් මානසික ආබාධයකින් පෙළුණු තැනැත්තියක් බවත් අනාවරණය වී තිබෙනවා.