29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපළාත් කිහිපයක කාලගුණයේ වෙනසක්

පළාත් කිහිපයක කාලගුණයේ වෙනසක්

නැගෙනහිර සහ ඌව පළාත්වල අද (26) දින සිට වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉඩකඩක් පවතී.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණු, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.