31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබංග්ලාදේශයේ අලින්ට අධිකරණ ආරක්ෂාව

බංග්ලාදේශයේ අලින්ට අධිකරණ ආරක්ෂාව

දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති, අලි ඇතුන් හදාවඩා ගැනීම තහනම් කරමින් බංග්ලාදේශ අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අලි ඇතුන් හදාවඩා ගැනීම සඳහා නිකුත් කර තිබූ සියලුම බලපත්‍ර බංග්ලාදේශ මහාධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා.

මෙම තීරණයත් සමඟ වනයේ සිටින අලි ඇතුන් තවදුරටත් අල්ලා වහල්භාවයට ගෙනයාමේ හැකියාව හිමිවන්නේ නැහැ.

බංග්ලාදේශයේ දැනට අලි ඇතුන් 200ක් පමණ අඩු සංඛ්‍යාවක් ජීවත්වන අතර ඔවුන්ගෙන් අඩක් පමණ වහල්භාවයේ ජීවත්වන බවයි අනාවරණය වී ඇත්තේ.

එම සතුන්ගෙන් බහුතරයක් සර්කස්, වීදි සංදර්ශන සඳහා හෝ සිඟමන් යැදීම සඳහා යොදාගෙන ඇති බව සඳහන්. බංග්ලාදේශය ආසියානු අලින්ගේ ප්‍රධාන නිවහනක් වූ නමුත් දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමි වීම ඔවුන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරනවා.

මෙම අධිකරණ තීරණයත් සමඟ වහල්භාවයේ සිටින අලි ඇතුන් පුනරුත්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වුණේ.