30 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදට වැටී ධීවරයෙක් අතුරුදන්

මුහුදට වැටී ධීවරයෙක් අතුරුදන්

බේරුවල මුහුදට වැටී ධීවරයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මුහුදට වැටී ඇත්තේ බලපිටිය, අම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි රසික ඩිලාන් නැමැති ධීවරයෙකුයි.

බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බවට අදාළ ධීවර යාත්‍රාවේ ක්‍රියාකරු එහි හිමිකරුට දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව යාත්‍රාවේ හිමිකරු විසින් ඥාතීන්ට මේ බව දැනුම් දී ඇති අතර ඔවුන් ඒ බව බේරුවල පොලීසියට පැමිණිලි කර තිබෙනවා.