යාපනය නගරයේ මධ්‍යයේ නවතා තිබූ වාහනයක් අද (26) හදිසියේම ගිනිගෙන තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ සහ ශ්රාන්ලි පාර අතර පාළු ඉඩමක නවතා තිබූ වාහනයක් මෙලෙස ගිනි ගැණීමට ලක්ව ඇති බවයි.
වාහනයේ විදුලි කාන්දුවක් අනතුරට හේතු වන්නට ඇති බව පොලීසිය සැක පළ කරනවා.
යාපනය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න පාලනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.