26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ අධි ආරක්ෂිත කෝවිල් 7ක් සතිපතා වන්දනා කිරීමට අවසර

යාපනයේ අධි ආරක්ෂිත කෝවිල් 7ක් සතිපතා වන්දනා කිරීමට අවසර

යාපනයේ අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක් සතිපතා පූජා පවත්වා වන්දනා කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා.

මීට පෙර එම කෝවිල් සඳහා අවසර ලබා දී තිබුණේ මාසික පූජාවන් සහ විශේෂ පූජාවන් සඳහා පමණයි.

කෙසේනමුත් කෝවිල් භාරකාර මණ්ඩල සහ සිවිල් සංවිධාන විසින් කරනු ලැබූ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙම අවසරය ලබා දී තිබෙනවා.

ඒ අනුව සිවිල් ජනතාවට කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල, වාසවිලාන් මනම්පිරායි කෝවිල, වාසවිලාන් ශිවම් කෝවිල, වාසවිලාන් නාග කෝවිල, පලාලි රාජ රාජේශ්වරී කෝවිල, පලාලි නාග තම්පිලාන් කෝවිල, පලාලි ශක්තිවේලි මුරුගන් කෝවිල යන කෝවිල්වල සතිපතා පූජාවන් සඳහා අවසර හිමිව තිබෙනවා.