― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරාජ්‍ය ආයතනවල දුරකථන 49%ක්ම අක්‍රීයයි

රාජ්‍ය ආයතනවල දුරකථන 49%ක්ම අක්‍රීයයි

මෙරට රාජ්‍ය ආයතනවල මහජන සේවා සඳහා හඳුන්වා දී ඇති දුරකථන සියයට 71 ක්ම නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව අනාවරණය වී තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල ප්‍රධාන ශිෂ්‍ය කණ්ඩායමක් මගින් සිදුකළ සමීක්ෂණයකදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ජනතාවට සේවා සැපයීම සඳහා රාජ්‍ය ආයතන මගින් හඳුන්වාදී ඇති දුරකථනවලින් නියමිත පරිදි සේවා සපයනු ලබන්නේ සියයට 29 යක් පමණක් බව අප කළ සමීක්ෂණයෙන් හෙළිවුණා. මෙරට එක් දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් හා තෝරාගත් පළාත් පාලන හා රාජ්‍ය ආයතන කේන්ද්‍ර කොට ගනිමින් අප මෙම සමීක්ෂණය කළා. මේ ආයතනවල දුරකථන වලින් සියයට 49 පමණ කිසිසේත්ම වැඩ කරන්නේ නෑ.තවත් සියයට 22 ක් වැඩ කළත් කිසිම නිලධාරියෙක් ඊට පිළිතුරු දෙන්නේ නෑ. සියයට 29 ක් පමණයි පිළිතුරු දුන්නේ. මේක ඉතාමත්ම පහළ අගයක්.

ලංකාවේ ප්‍රාදේශීය සභා 276 න් 98 ක් අපි අධ්‍යයනය කළා.එයින් සියයට 14 ක් දුරකථන වැඩ කරන්නේ නෑ. සියයට 42 ක් කිසිම පිළිතුරක් දෙන්නේ නෑ.සියයට 45 ක් පමණ පිළිතුරු දුන්නා. ඒ වගේම මහ නගර සභා 24 න් 23 ක් අපේ අධ්‍යයනයට ලක් කළා. ඉන් දුරකතන සියයට 04 ක් වැඩ නෑ. සියයට 43 ක් පිළිතුරු නෑ. නගර සභා 41 න් 36 කම සියයට 14 ක් දුරකථන වැඩ කරන්නේ නැහැ. සියයට 44 ක් පිළිතුරු නැහැ මේක තමයි තත්ත්වය. ඇතැම් රාජ්‍ය ආයතනවලින් පිළිතුරු දුන්නත් ඒ පිළිතුරු දුන් ආකාරය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වන්න බෑ. අවශ්‍ය තොරතුරු ලබාදීමක් හෝ අවශ්‍ය තැනට යොමු කිරීමක් වෙන්නේ නෑ.

ජනතාවට යහපත් රාජ්‍ය සේවයක් සැපයීම සඳහා දුරකථන අංක හඳුන්වා දුන්නද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ජනතා බදු මුදලින් නඩත්තු වන මේ රාජ්‍ය ආයතන ජනතාවට සම්බන්ධ කර ගැනීමට දුරකථන අංක හඳුන්වා දී තිබුණත් ඉන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ. මෙරට රාජ්‍ය තාන්ත්‍රය තුළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නම් මේ මහජන සේවා දුරකථන අංක නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුයි. රජයේ වගකිවයුතු ආයතන මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එසේ නැත්නම් මේ රාජ්‍ය සේවය කිසිසේත්ම ජනතාවට සමීප වෙන්නේ නෑ.”