27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රීපාද වන්දනාවේ පැමිණි අයෙක් ජීවිතක්ෂයට

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි අයෙක් ජීවිතක්ෂයට

ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි පුද්ගලයෙක් හදිසියේම අසනීප වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නල්ලතන්නිය පොලිසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 77 හැවිරිදි ඩබ්ලිව්. ගුණවර්ධන නැමැති අයෙකු බවයි.

මෙම පුද්ගලයා හදිසියේම අසනීප වී මස්කෙළිය රෝහල වෙත රැගෙන යාමේදීයි මිය ගොස් ඇත්තේ.

අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ සිට ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා පැමිණි වන්දනා නඩයක් ශ්‍රී පාදය වන්දනා කර නැවත ගම්බිම් බලා පිටත්ව යාම සඳහා ඊයේ (25) රාත්‍රියේ නල්ලතන්නිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ මෙම පුද්ගලයා හදිසියේ අසනීප වී තිබෙනවා.

මියගිය තැනැත්තාගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර තිබෙනවා.