මේ 2024 පෙබරවාරි 26 වනදා උදෑසන , ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ වේරහැර ශාඛාවට සිය සේවා සපයා ගැනීම පිණිස පැමිණ ඔවුන්ගේ වාරය එන තෙක් අසුන් ගෙන සිටින ශාලාවේ සිටි විශාල පිරිසක් භීතියට ලක් වූ අවස්ථාවකි.
ශාලාවේ එක පසෙකින් විදුලි වේගයෙන් කඩා වැදුණු මෝටර් රථයක් අනෙක් පසින් පිටතට පැමිණි ආකාරය මේ CCTV දර් ශන වලින් දැක්වේ. රියදුරු පුහුණු ආයතනයකට අයත් මේ මෝටර් රථය පැදවූයේ එදිනට නියමිත පරීක්ෂණයට යොමු වීම පිණිස පැමිණි අයෙකි. ඔහු සමඟ අදාළ පුහුණුකරුද එහි විය. ජිවිත ගණනාවක් අනතුරට ලක් වීමට අවකාශය පැවැති ඒ මොහොතේ ඒ ජීවිත විනාශය ගැලවුණේ වාසනාවකටය.
වේරහැර මෝටර් රථ දෙපාර් තමේන්තු පරිශ්‍රය තුළ සිය සේවා සපයා ගනු පිණිස නිරතුරුව ගැවසෙන පිරිස අතිමහත්ය. එවැනි පරිශ්රයක ඔවුන් ගැවසෙන සිමාවේ මෙවැනි අනාරක්ෂිත රිය පැදවීම් කිසිසේත් සිදු නොකළ යුතු දෙයකි. මේ පිළිබඳව වගකිවයුතු අංශ වල අවධානය නොපමාව යොමු විය යුතුය.
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : [email protected]
Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya
Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News