32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවලංගුයි කී ගුවන් ගමන් ප්‍රමාද වී අරඹයි

අවලංගුයි කී ගුවන් ගමන් ප්‍රමාද වී අරඹයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 06ක් අද (27) අවලංගු වී ඇති බව ප්‍රකාශයට පත් වී තිබුණද, එම ගුවන් ගමන් සියල්ලම ප්‍රමාද වී ගමන් අරඹන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පවසනවා.

එහෙත් කටුනායක ගුවන්තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක් මීට පෙර සඳහන් කළේ එම ගුවන් යානා සියල්ල ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් අවලංගු කර ඇති බවට දැනුම් දී ඇති බවයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ එම ගුවන් යානා නැවත පිටත්ව යන වේලාවක් පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බවයි.