දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟය නිසා ඒ සිය සේවා පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.
මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය ද දැනුවත් කර තිබෙනවා.
සහකාර කොමසාරිස්වරුන් 221ක්, කාර්යාල කාර්ය සහායකවරුන් 71ක් සහ කළමනාකරණ සේවා පුරප්පාඩු 88ක් යනාදී වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 380ක් පවතිනවා.