25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් තේරීම් කමිටුව ගැන විශේෂ තීරණයක්

ක්‍රිකට් තේරීම් කමිටුව ගැන විශේෂ තීරණයක්

ශ්‍රී ලංකා සියලුම ජාතික ක්‍රිකට් කණ්ඩායම් තේරීමේ අවසන් තීරණය උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ගත යුතු බව සෙසු තේරීම් කමිටුවට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ජාතික කාන්තා ක්‍රිකට් සංචිතය සහ වයස අවුරුදු 19න් පහළ ඇතුළු සෙසු කනිෂ්ඨ ක්‍රිකට් සංචිත තේරීමේ අවසන් තීරක බලය ජාතික තේරීම් කමිටුව සතු බවත්, සියලුම ජාතික ක්‍රිකට් කණ්ඩායම්වලට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ අනුමැතිය අනිවාර්ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ අද (27) ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව, කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව සහ කනිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුවේ සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවති විශේෂ රැස්වීමේදීය.