30 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපුර සරසවි සිසුන්ට ජල හා කඳුළු ගෑස්

ජපුර සරසවි සිසුන්ට ජල හා කඳුළු ගෑස්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනකට මීට සුළු මොහොතකට පෙර පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

‘සිසුන් මහමඟ, සියලු සිසුන්ට නේවාසිකාගාර දියව්’ යන මැයෙන් ඔවුන් මෙම විරෝධතා පාගමනය සංවිධාන කර තිබුණා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විශ්ව විද්‍යාලය අසළින් ආරම්භ කළ මෙම විරෝධතා පාගමන හයිලෙවල් මාර්ගයට පිවිසෙමින් තිබූ අතර එය අවහිර කිරීම සඳහා පොලිසිය විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණා.

සිසුන් නොනවැතී ඉදිරියට ගමන් කිරීමත් සමන්ඟ පොලිසිය විසින් මෙම හා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.