27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentත්‍රිරෝද රථ - බස් අනතුරකින් දෙදෙනෙක් රෝහලට

ත්‍රිරෝද රථ – බස් අනතුරකින් දෙදෙනෙක් රෝහලට

කොටගල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (26) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ හැටන් සිට තලවකැලේ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කොටගල සිට හැටන් දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ත්‍රිරෝද රථය බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරා සහ එහි පසුපස ගමන් ගත් තරුණියක් තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ත්‍රිරෝද රථ රියදුරාගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බවයි පොලීසිය පැවසුවේ.

ත්‍රිරෝද රථ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථය මංතීරුවෙන් ඉවතට පැන ඇති අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ ගැටී තිබෙනවා.

අනතුරෙන් පසු ත්‍රිරෝද රථය තුළ සිරව සිටි පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගෙන තිබෙනවා.

අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.