24.5 C
Colombo
Thursday, December 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙම් සුව පතා ආ බාලවයස්කාර යුවළ අතරමං වෙයි

පෙම් සුව පතා ආ බාලවයස්කාර යුවළ අතරමං වෙයි

ගම්පොල ප්‍රදේශයේ අතරමංව සිටි බාලවයස්කාර පෙම්වතුන් දෙදෙනෙක් පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මොවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස ජීවත් වීමේ අරමුණ ඇතිව කොළඹ ඔබේසේකර පුර සිට ගම්පොල කහවත්ත ප්‍රදේශයට හොර රහසේ පලාවිත් ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ 13 හැවිරිදි පාසල් සිසුවියක් හා 15 හැවිරිදි පාසල් සිසුවෙකුයි.

මොවුන් දෙදෙනාගේ ප්‍රේමයට නිවෙස් වලින් විරුද්ධ වීම නිසා තම පුංචි අම්මා කෙනෙකු සොයා පැමිණි බවත් එහිදී දෙදෙනා එක්ව ජීවත්ව සිටීමට බලාපොරොත්තුවෙන් සිටි බවත් මෙම පෙම්වතා ගම්පොළ පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

මොවුන් දෙදෙනා කොළඹ සිට මෙසේ පැමිණ තිබුණත් ඔවුන්ගේ පුංචි අම්මා සොයාගැනීමට නොහැකි වීම නිසා උදෑසන සිට සවස් වන තුරුම අතරමංව ප්‍රදේශ පුරා සැරිසරා තිබෙනවා.

වයසින් මෙන්ම ශරීරවලින්ද ඉතා කුඩා පෙනුමක් තිබූ මෙම ළමුන් දෙදෙනා පිළිබඳව අවධානය යොමු කළ ගම්වාසීන් ඒ බව මෙසේ පොලිසිය වෙත දැනුවත් කර තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කළ පාසල් පෙම්වතාගෙන් මහේස්ත්‍රාත්වරිය විමසා ඇත්තේ තමුන්ට පවුලක් නඩත්තු කරන්න හැකියාව තිබෙනවාද යන්නයි.

කෙසේ වෙතත් පාසල් සිසුවා මෙම මස 29 වැනිදා දක්වා වේරවල ළමා නිවාසය වෙත යොමු කර ඇති අතර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පොළ රෝහල වෙත යොමු කර තිබෙනවා.