― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
Homehot newsකළුතර ආපනශාලා හදිසියේම පරික්ෂාවට

කළුතර ආපනශාලා හදිසියේම පරික්ෂාවට

කළුතර නගරයේ ඇති ආපනශාලා සහ වෙළෙඳසැල් ඊයේ (27) රාත්‍රියේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය හා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසියේම පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

කළුතර නගරයේ ආපනශාලාවල සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් වෙළඳාම් කටයුතු සිදු කරන බවට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට ලද පැමිණිලි මතයි මෙම පරික්ෂා කිරීම සිදු කර ඇත්තේ.

එහිදී ආපනශාලාවල නිසි පරිදි ආහාර ඇසුරුම් නොකිරීම, සේවකයින්ගේ සෞඛ්‍ය නිසි පරිදි පවත්වා නොගැනීම, නිසි පරිදි ශීතාගාරවල ආහාර ඇසුරුම් නොකිරීම, ආහාර නිෂ්පාදනයේදී අවශ්‍ය අමුද්‍රව්‍ය නිසි පරිදි ඇසුරුම් නොකිරීම, නියමිත කල් ඉකුත්වීමේ සටහන් ආහාරවල පළ නොකිරීම යන වැරදි සම්බන්ධයෙන් ආපනශාලා දහයකට පමණ නඩු පවරා තිබෙනවා.

එමෙන්ම නිසි ප්‍රමිතියෙන් තොර ආහාරපාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන ඇති අතර මෙසේ නිසි පරිදි ආපනශාලා පවත්වාගෙන නොගිය වෙළඳසැල් හිමියන් වෙත දැඩි අවවාද නිකුත් කර තිබෙනවා.