― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමුහුදට වැටී මියගිය පුද්ගලයා ගැන බිරිඳට සැකයක්

මුහුදට වැටී මියගිය පුද්ගලයා ගැන බිරිඳට සැකයක්

පසුගිය 25 වැනිදා බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදට ගොස් සිටියදී එදිනම රාත්‍රී නවයට පමණ එම යාත්‍රාවේ සිට අතුරුදන් වූ බලපිටිය අම්පෙ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා පිළිබඳ ඔහුගේ බිරිඳට සැකයක් පවතින බව ඇය පවසා තිබෙනවා.

මෙම පුද්ගලයා මුහුදට වැටී අතුරුදහන් වී ඇති බව එම ධීවර යාත්‍රාවේ ක්‍රියාකරු විසින් ධීවර යාත්‍රා හිමිකරුට එදිනම ප්‍රකාශ කර තිබුණා.

මෙලෙස ධීවර කටයුතු සඳහා ගමන් ගත් ධීවර යාත්‍රාව ඊයේ (27) සවස බේරුවල ධීවර වරායට නැවත පැමිණ තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීම සඳහා බේරුවල පොලිසිය විශේෂ පොලිස් කණ්‌ඩායමක් යොදවා එම ධීවරයින් එම ධීවර යාත්‍රාවේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කළා.

මීට අමතරව කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද එම ධීවරයාත්‍රාව විශේෂ පරීක්ෂාවට ලක් කර ඇති අතර මුහුදට වැටී අතුරුදහන් වූ කියන පුද්ගලයාගේ මළ සිරුර මේ වනවිටත් සොයාගෙන නොමැත.

යාත්‍රාවේ හිමිකරු ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට රාත්‍රී නමයට පමණ එම ධීවර යාත්‍රාවේ ක්‍රියාකරු දැනුම් දුන් බවයි.

එසේ මුහුදට වැටී අතුරුදහන් වූ පුද්ගලයාගේ බිරිඳ ප්‍රකාශ කරන්නේ දරුවන් දෙදෙනෙකු සිටින ඇය ඔහුගේ ස්වාමියා අතුරුදහන් වීම දරාගත නොහැකි බවත් වැඩිමහල් පුතා තමා පියා එනතුරු මග බලා සිටින බවත්ය.

තවත් මාස දෙකක කුඩා ගැහැණු දරුවෙකු සමග අසරණ වූ තමාට මෙම මරණය සම්බන්ධයෙන් සැක සහිත බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

බේරුවල පොලිසිය එම ධීවර යාත්‍රාවේ සිටී ඉතිරි හය දෙනාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන අතර මෙම මරණය කෙසේ සිදුවූයේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.