31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඇළ මාර්ගයකින් මළ සිරුරක් සොයා ගැනේ

ඇළ මාර්ගයකින් මළ සිරුරක් සොයා ගැනේ

බුත්තල පොලිස් වසමේ ඇල මාර්ගයක ඉවුර මත තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ බුත්තල පොලිස් වසමේ, පෙරහැර මාවත ප්‍රදේශයේ ඇල මාර්ගයක ඉවුර මත තිබී ඊයේ (27) මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා පුද්ගලයා අවුරුදු 70ත් 75ත් අතර උස අඩි 05යි අඟල් 11ක් පමණ වන, කොන්ඩය කොටට කපා ඇති, හිසමුදුන තට්ටය පෑදී ඇති, තලෙළු සිහින් සිරුරක් ඇති, යටි කයට සුදු පැහැති සරමක් හැඳ සිටි අයෙක් බවයි පොලීසිය පවසන්නේ.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.