29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකළුතර ආපනශාලා හදිසියේම පරික්ෂාවට

කළුතර ආපනශාලා හදිසියේම පරික්ෂාවට

කළුතර නගරයේ ඇති ආපනශාලා සහ වෙළෙඳසැල් ඊයේ (27) රාත්‍රියේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය හා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසියේම පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

කළුතර නගරයේ ආපනශාලාවල සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් වෙළඳාම් කටයුතු සිදු කරන බවට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට ලද පැමිණිලි මතයි මෙම පරික්ෂා කිරීම සිදු කර ඇත්තේ.

එහිදී ආපනශාලාවල නිසි පරිදි ආහාර ඇසුරුම් නොකිරීම, සේවකයින්ගේ සෞඛ්‍ය නිසි පරිදි පවත්වා නොගැනීම, නිසි පරිදි ශීතාගාරවල ආහාර ඇසුරුම් නොකිරීම, ආහාර නිෂ්පාදනයේදී අවශ්‍ය අමුද්‍රව්‍ය නිසි පරිදි ඇසුරුම් නොකිරීම, නියමිත කල් ඉකුත්වීමේ සටහන් ආහාරවල පළ නොකිරීම යන වැරදි සම්බන්ධයෙන් ආපනශාලා දහයකට පමණ නඩු පවරා තිබෙනවා.

එමෙන්ම නිසි ප්‍රමිතියෙන් තොර ආහාරපාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන ඇති අතර මෙසේ නිසි පරිදි ආපනශාලා පවත්වාගෙන නොගිය වෙළඳසැල් හිමියන් වෙත දැඩි අවවාද නිකුත් කර තිබෙනවා.